Wednesday, January 1, 2014

රංග නදීකා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ

මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයෙ හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔ‍බට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා

මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා


                                                        - ධනපාල උඩවත්ත -


ලියතඹරා ......

ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා...//

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා...//


                                                                    - ආත්මා ලියනගේ -

සසලව ඇත ඔබෙ

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්..

සඳ හිරු තාරකා...//

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා...//


- ආත්මා ලියනගේ -


එපා කඳුලැල් සලා......

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//

එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත...//

ආදර හැඟුමන් සලා‍
මිරිඟුවක වෙලෙන් එපා..//
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා..//


- ආත්මා ලියනගේ -


කදුපාමුල සිට ....

කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට...//


- ආත්මා ලියනගේ - 


දුක වැඩි තරමට

දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා

හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ...
තාමත් මල් පිබිදෙන්නේ...
රැවටුනු මේ හිත මාගේ...
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා...

දුක වැඩි තරමට...//

කදුලක් කදුලක් ගානේ...
ඔය රුවමයි සිහිවෙන්නේ...
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...

දුක වැඩි තරමට...//

                                                              - නොයෙල් රාජ් -


Tuesday, December 31, 2013

ලං ලංවෙලා සිතින් මා..

ලං ලංවෙලා සිතින් මා..
හොර රහසේ ගොළු වෙලා..
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කලා...
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

පැහැසර සිනාවෝ අද සුසුම් එවලා..
හොර රහසෙ ගියේ දෝ..
මේ දෑස හඬවාලා..
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

දුප්පත් කතාවෝ ඇති ලයේ රැස්වෙලා..
අහලා බලන්න එවා මතකද ඒවා..
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

ලං ලංවෙලා සිතින් මා...

                                                               - නොයෙල් රාජ් -