මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//
අඳුරේ පාවී - කඳුලේ යාවී..
මා මනසේ ආදරේ වේදනා..
මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා....//
දෙනෙතේ ආයාචනා..
සුළඟේ සුන්වී ගියා....//
ඒ මල් පැතුම් - ආලේ වදන්....
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ....
මානෙල් මල සේ....//
පෙරසේ ආරාධනා
රාවේ නෑසී ගියා.....//
නාමල් පිපී නාඩන් ඉතින්
මාගේ පැතුම් සවනතේ කොඳුරලා
මානෙල් මල සේ....//
- මර්වින් මිහිඳුකුල -

No comments:
Post a Comment