විරහ කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ.......
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි....
අඹරණ අන්දන රනවන ඉහිලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ....
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනව ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා.....
අඹරණ අන්දන.......
අවසන් ලියුමයි.......

No comments:
Post a Comment