Tuesday, December 10, 2013

අදින් පසුව නෑ අප හමුවන්නේ ..........

අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි...
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි.....//

වරද මගේදැයි - වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ.....//
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ..

අදින් පසුව නෑ.......

කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ.....//
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ..

අදින් පසුව නෑ......


                                                           -  පුන්සිරි සොයිසා  -


No comments:

Post a Comment