Monday, December 30, 2013

සුදු මුදු වැල්ලේ

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ //

මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළඟ වෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල් ගොමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුව දේ සැමදා

සුදු මුදු වැල්ලේ...

ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ //

මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ ///

                                                            - රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා -






No comments:

Post a Comment