Tuesday, December 10, 2013

ගුරු පාර දිගට

ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ
පැතු හීන හිනාවෝ - දුර ඈත ගියාදෝ
තනිකමේ කවිය කාට ඇසේදෝ...........

අඳුරට මග අහුරා - සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් උහුලා - හිමිදිරියෙම ඉදලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ..........

සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වෙලේ
ඒ සිහිනය සිඳලා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ............



                                                               - අතුල අධිකාරී -


No comments:

Post a Comment