නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දේව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දේව් ලියේ
සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
ඈත මං තලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ...
ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
ඈත මං තලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ...
- අතුල ශ්‍රී ගමගේ -

No comments:
Post a Comment