සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ.... //
මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතු දේ නොම වේ පැතුම් මැවේ
සිත පරව ගියා......
වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනි වේදෝ
ම සිත සොරාගෙන වෙන් වී නොයන්න
දුකෙහි සැපෙහි මා ඉන්නම්
සිත පරව ගියා..... ///
ඔබ හඳුනාගනු කෙලෙසේ..... ///
- චන්දන ලියනආරච්චි -

No comments:
Post a Comment