Friday, December 13, 2013

කුසුම් පිපී තුරු මතේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ.... //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ... //

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ //
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ.. //

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ.. //
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ.. //

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ.. //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ.. //


                                        - සෝමතිලක ජයමහ -


No comments:

Post a Comment