වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ..
මිලින වුනත් ඝණ අඳුරේ..
මල් නෙලන්න නම් තහනම්.....
මල් නෙලන්න නම් තහනම්.....
සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුලින්..
සුවඳ දිඳී තිබුණත් මිදුලේ..
මල් නෙලන්න නම් තහනම්.....
මල් නෙලන්න නම් තහනම්.....
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්..
පිපුනු නිසා අන්සතු උයනේ...
මල් නෙලන්න නම් තහනම්.....
මල් නෙලන්න නම් තහනම්.....

No comments:
Post a Comment