Monday, December 9, 2013

හද හඬලා සිත බිඳිලා

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ

කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ

කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ


                                            - අතුල අධිකාරි -



 


No comments:

Post a Comment