Tuesday, December 24, 2013

තනිකම හුරු දෙනෙත පුරා..

තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

සිතු පැතුමක කඳුළු තියා..
මට නොකියම ඉවත ගියා..
හිමි දුක පිසදමමි කියා..
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත...//

තනිවුනු දුක මගෙම වෙලා..
දින එක දෙක ගෙවිල ගියා..
ඔබ ආවත් සිනහ වෙලා..
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත...//

                                                      - උදය ශ්‍රී වික්‍රමසිංහ -


No comments:

Post a Comment