Saturday, December 14, 2013

නුග සෙවණක් සේ

නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි...//

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න...//
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවණක් සේ...//

සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න...//
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ...//

- සෝමතිලක ජයමහ -


 

No comments:

Post a Comment